ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නොදැන මහබැංකු ඊමේල් හුවමාරුවක්

වර්තමාන මහ බැංකු අධිපතිවරයාට නොදන්වා ලෝක බැංකුවේ නිලධාරියකු සහ සාක්ෂිකරු අතර සිදු වී තිබෙන රාජකාරි මට්ටමේ ඊමේල් පණිවුඩ හුවමාරුවක් පිළිබඳව නීතිඥ චානක ද සිල්වා මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද(17) අනාවරණය කළේය.

රාජකාරි කටයුත්තකට අදාළ ක්‍රියාවකදී එහි පිටපතකින් මහ බැංකු අධිපතිවරයා දැනුම්වත් කළ යුතු වූවද එවැන්නක් මෙහිදී සිදු වී නැති බව නීතිඥ සිල්වා මහතා පෙන්වා දුන් අතර එය සාක්ෂිකරු වන නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පිළිගත්තේය.

The full content of this page is available to premium users only.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නොදැන මහබැංකු ඊමේල් හුවමාරුවක් 0

17 May 2017Submitted by Thanga

වර්තමාන මහ බැංකු අධිපතිවරයාට නොදන්වා ලෝක බැංකුවේ නිලධාරියකු සහ සාක්ෂිකරු අතර සිදු වී තිබෙන රාජකාරි මට්ටමේ ඊමේල් පණිවුඩ හුවමාරුවක් පිළිබඳව නීතිඥ චානක ද සිල්වා මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද(17) අනාවරණය කළේය.

රාජකාරි කටයුත්තකට අදාළ ක්‍රියාවකදී එහි පිටපතකින් මහ බැංකු අධිපතිවරයා දැනුම්වත් කළ යුතු වූවද එවැන්නක් මෙහිදී සිදු වී නැති බව නීතිඥ සිල්වා මහතා පෙන්වා දුන් අතර එය සාක්ෂිකරු වන නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පිළිගත්තේය.

කොමිසමේ සාමාජිකයන් සහ නීතිඥවරුන් පමණක් සහභාගිවූවන් සාක්ෂිකරුගෙන් රහසිගත සාක්ෂි විමසීමක් අද (17) සවසත් බැඳුම්කර කොමිසම ඉදිරියේ සිදුවුණි.

කොමිසම හමුවට හෙට(18) දිනයේ සාක්ෂි ලබාගැනීම සඳහා කැඳවා තිබෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් හිටපු අධ්‍යක්ෂ ජනරාල් රණසිරි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වී. කේ. අල්විස් යන මහත්වරුන්ය.

Click here to post comments

Or log in with...