කැබිනට් සංශෝධනය අද? හෝ හෙට...?

වරින් වර කල් යමින් දේශපාලන අර්බුදයක් බවට පත් වෙමින් තිබූ ඇමැති මණ්ඩල සංශෝධනය අද (18) දවස තුළදී හෝ හෙට (19) බොහෝ දුරට සිදු වීමට ඉඩ ඇතැයි අප වෙත වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය අප්‍රේල් මස 20 දින මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී පවසා සිටියේ ඇමැති මණ්ඩල සංශෝධනය වෙසක් පොහොය දිනට පෙර සිදු වන බවයි. එහෙත් ඇමැති මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ පරිදි ක්‍රියාත්මක කළ නොහැකි විය. ඒ එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වූ විරෝධය හේතුවෙනි.

The full content of this page is available to premium users only.

කැබිනට් සංශෝධනය අද? හෝ හෙට...? 0

18 May 2017Submitted by Reporter

වරින් වර කල් යමින් දේශපාලන අර්බුදයක් බවට පත් වෙමින් තිබූ ඇමැති මණ්ඩල සංශෝධනය අද (18) දවස තුළදී හෝ හෙට (19) බොහෝ දුරට සිදු වීමට ඉඩ ඇතැයි අප වෙත වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය අප්‍රේල් මස 20 දින මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී පවසා සිටියේ ඇමැති මණ්ඩල සංශෝධනය වෙසක් පොහොය දිනට පෙර සිදු වන බවයි. එහෙත් ඇමැති මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ පරිදි ක්‍රියාත්මක කළ නොහැකි විය. ඒ එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වූ විරෝධය හේතුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මංත්‍රීවරුන්ගෙන් සහ ඇමැතිවරුන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ ජනාධිපතිවරයා ඇමැති මණ්ඩල සංශෝධනය සිදු කරන තෙක් ඇමැති මණ්ඩල රැස්වීම් නොකැඳවන බවටද මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඊයේ (17) එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇත්තේ ශ්‍රීලනිපයට අවශ්‍ය ආකාරයට ඇමැති ධුර සංශෝධනය සිදු කරන්නේ නම් තමන් දැඩි තීරණයන් ගැණීමට පසුබට නොවන බවයි.

එජාප පසුපෙළ මන්ත්‍රීවරු එසේ ඇමැති මණ්ඩල සංශෝධනය එරෙහි වෙත්දී ඊයේ (16) රාත්‍රියේදී ශ්‍රීලනීප ඇමැතිවරු පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානගේ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතාගේ නිවසේදී හමු වී වර්ධනය වී ඇති දේශපාලන අර්බුදයන් ගැන සාකච්ඡා පවත්වා ඇත.

Click here to post comments

Or log in with...