තාජුඩීන් ඝාතනය ගැන ගැන අනුර සේනානායකට යළි උත්තර බඳින්න වෙයි

රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනවල දී අනාවරණය වු කරුණු ඔස්සේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා‍ගේන් නැවත ප්‍රකාශයක් ලබා ගැනිමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙරාම් ට්‍රොස්කි මහතා අද(18) රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.

The full content of this page is available to premium users only.

තාජුඩීන් ඝාතනය ගැන ගැන අනුර සේනානායකට යළි උත්තර බඳින්න වෙයි 0

18 May 2017Submitted by Thanga

රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනවල දී අනාවරණය වු කරුණු ඔස්සේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා‍ගේන් නැවත ප්‍රකාශයක් ලබා ගැනිමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙරාම් ට්‍රොස්කි මහතා අද(18) රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.


පුද්ගලික ඔත්තුකරුවන් විසින් ලබා දුන් කරුණු ඔස්සේ දුරකථන විශ්ලේෂණ වාර්තා හා ඝාතකයින්ගේ පෙර හා පසු හැසිරිම් සම්බන්ධව ද විමර්ශනය කර එම කරුණු හා සාක්කිකරුවන් ලබා දුන් ප්‍රකාශ මත මෙසේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවමත් රක්ෂිතබන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේන් නැවත ප්‍රකාශයක් ලබා ගැනිමට අවශ්‍ය බවත් ඒ සඳහා අවසර ලබාදෙන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ.


ඒ අනුව මේ මස 22 වන දින සිට 25 වන දින දක්වා සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනිම‍ට අධිකරණය අවසර ලබා දුන්නේය. හිටපු ජනපති ආරක්ෂක සේනාව මඟින් පවත්වාගෙන යනු ලැබු දෛනික රාජකාරි සටහන් ලේඛනයේ කොළ කඩා ඉවත් කිරිමේ සිද්ධියට අදාළව එම සේනාවේ විශ්‍රාමික සැරයන් වලව්වත්තේ ගෙදර සෙනරත් ධර්මරත්න,විශ්‍රාමික සැරයන් විජේසුන්දර මුදියන්සේලා‍ග් විජේරත්න,විශ්‍රාමික සැරයන් මුදලිහාමිගේ ගාමිණි විරසිංහ,විශ්‍රාමික සැරයන් මේජර් විරමලගේ කුලතුංග,යුද හමුදා සැරයන් අමරතුංග මුදියන්සේලාගේ දිශාන්ත අමරතුංග, කොප්‍රල් විරකැටිගේ ගෙදර සමන් කුමාර විරකොන්(රියදුරු) ,හා කොප්‍රල්(රියදුරු) බුද්ධික මහේන්ද්‍ර සිල්වා යන අය රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගත් බවට රහස් පොලිසිය අධිකරණයට ව‍ර්තා කර තිබිණ.


මිට පෙර ද කොප්‍රල් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ ,කොප්‍රල් බ්‍රහනායක මුදියන්සේලාගේ ජයන්ත සේනාරත්න,කොප්‍රල් බුද්ධික කරුණාරත්න,සැරයන් වසන්ත රෝහණ,කොප්‍රල් ආර්.ඒ.පාලිත මහේෂ් පුෂ්ප කුමාර,කොප්‍රල් රංජිත් ප්‍රියන්ත කුමාර,කොප්‍රල් ඉන්දික සරත්,කොප්‍රල් පී.ජි. සනත් කුමාර හා කොප්‍රල් ආර්.රංජිත් දසනායක යන ගෙන් මෙලෙස ප්‍රකාශ ලබා ගෙන තිබිණ.


හිටපු ජනපති ආරක්ෂක සේනාව මඟින් පවත්වාගෙන යනු ලබන ලේඛන තමන් භාරයට ගෙන විමර්ශන කිරිමේ දී දෛනික ආරක්ෂක රාජකාරි සම්බන්ධ සටහන් පවත්වාගෙන යන ලේඛනය‍ 2012/5/10 සිට 2012/5/22 කාලය තුළ එම ලේඛනයේ කොළ කිහිපයක් කඩා හෝ කපා ඉවත් කර ඇති බවත් එය පිටතට නොපෙනෙන ආකාරයට විනිවිද පෙනෙන සෙලෝටෙප් පටියක් දික්අතට අලවා දෙපස කොළ දෙක එකට අලවා ඇති බව නිරික්ෂණය වු බවට රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා තිබිණ.


මිට අමතරව ප්‍රශ්න ගත කාලසිමාවේදී රාජකාරි කළ නාවික හමුදා හා යුද හමුදා නිලධාරින් සම්බන්ධ කරුණු ද අදාල හමුදා පති හා නාවික හමුදාපති හරහා ලිඛිතව ලබා ගැනිමට ද ක්‍රියා කරමින් සිටින බවට ද ප්‍රශ්නගත කාලසිමාව තුල නිලධාරින් සිදු කළ රාපකාරිය පිළිබඳව යුද හමුදා හා නාවික හමුදාව මඟින් වාර්තා කැඳවා ඇති බවට රහස් පොලිසිය අධිකරණය වෙත දැන්වීය.


මිට අමතරව මරණකරු ලුහුබැද ගිය වියෝස් වාහනය සොයාද විමර්ශන පවත්වන බවත් සැකකරු තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා පළමු සැකකරු වු දැනට ඇප මත සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේ‍රා මහතා ට ජුනි මස 06 වන දින අධිකරණයේ පෙනි සිටින ලෙස නියම කරමින් දෙවන සැකකරු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන මස 01 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියම කළේය.
 

Click here to post comments

Or log in with...