වන අලියෙක් පහරදී දැරියක් මරයි

පෙරපාසලට ගමන් කරමින් සිටි කුඩා දැරියන් දෙන්නකුට හා මිත්තනියකට 19 උදේ ගල්කිරියාගම පලාගල නෑගම්පහ මාර්ගයේ කරවිලගල ප්රදේශයේදී වන අලියකුගේ ප්රහාරයකට ලක්ව එක දැරියක් මියගොස් අනෙක් දැරිය හා මිත්තනිය තුවාල ලබා රෝහල් ගතකර ඇත .
මෙසේ මියගොස් ඇත්තේ කරවිලගල පදිංචි නිරුපමා ලක්ෂානි (04) දැරිය වන අතර තුවාල ලබා ඇත්තේ එම දියණියගේ නැගණිය වන පැහැසරා හිම්හානි (අවුරුදු එකහමාර )සහ මිත්තනිය වන මල්ලිකා හේරත් (32) යන අයවෙති .

The full content of this page is available to premium users only.

වන අලියෙක් පහරදී දැරියක් මරයි 0

19 May 2017Submitted by Thanga

පෙරපාසලට ගමන් කරමින් සිටි කුඩා දැරියන් දෙන්නකුට හා මිත්තනියකට 19 උදේ ගල්කිරියාගම පලාගල නෑගම්පහ මාර්ගයේ කරවිලගල ප්රදේශයේදී වන අලියකුගේ ප්රහාරයකට ලක්ව එක දැරියක් මියගොස් අනෙක් දැරිය හා මිත්තනිය තුවාල ලබා රෝහල් ගතකර ඇත .
මෙසේ මියගොස් ඇත්තේ කරවිලගල පදිංචි නිරුපමා ලක්ෂානි (04) දැරිය වන අතර තුවාල ලබා ඇත්තේ එම දියණියගේ නැගණිය වන පැහැසරා හිම්හානි (අවුරුදු එකහමාර )සහ මිත්තනිය වන මල්ලිකා හේරත් (32) යන අයවෙති .
මේ දරුවන්ගේ මව උදේ රැකියාවට ගොස් සිට ඇත මිත්තනිය ලොකු දරුවා පෙරපාසලට අරලවිම සදහා කුඩා දරුවාද වඩාගෙන නිවසේ සිට ප්රධාන මාර්ගයේ ගමන් කරද්දී මාර්ගය හරහා පැමිණි අලියා මෙසේ පහරදී ඇත .
තුවාල කරුවන් ප්රදේශවාසීන්ගේ උදව් ඇතිව ආඩියාගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය දරුවා හැර අනෙක් දෙන්නා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබේ .
මියගිය දරුවාගේ මව වන කාංචනා මදුමාලි (32)මහත්මිය හාඩාවටෙමින් කිවේ දියණියට උදේ පාසල් යන්නට තමන් එපා කියද්දී පන්තිය අතුගානට අවශ්ය බව පවසා ගිය බවය .
මේ නිවසේ තවත් දෙන්නකු මිට පෙර වන අලින්ගේ ප්රහාරයට ලක්ව මියගොස් ඇතිබව ප්රදේශවාසීහු පවසති .එමෙන්ම පෙර්දේශ වාසින් කියා සිටින්නේ දිගින් දිගටම වන අලි කරදරය පැවතියද කිසිවකුගේ අවධානය යොමු නොවූ බවය .අඩුම තරමේ පාසල් යන හා නිමවී පැමිණෙන අවස්ථාවට හෝ මේ දරුවන්ට ආරක්ෂාව ලබාදිය යුතු බවය .ppd-41

Click here to post comments

Or log in with...