හිතුවක්කාරයාගේ පුනරාගමනය෴

මිල්ලෙ සොයා, සිහින දේශයෙන් වැනි සුවිශේෂී සිනමා කෘතීන් සිංහල සිනමාවට දායාද කළ බූඩි කීර්තිසේනගේ නිම්නයක හුදෙකලාව (Alone in a Valley) චිත්‍රපටය මැයි මස 19 වැනි දින සිට රීගල් ඇතුළු CEL මණ්ඩලයේ සිනමාහල් 15 ක තිරගත වීමට නියමිත ව තිබෙනවා. සිංහල සිනමාව තුළ මුල්බැසගෙන පවත්නා සාම්ප්‍රදායික කතා තේමාවන්, ආකෘතීන් පසෙකලා ලෝක සිනමාව හා එක්ව, වෙනස් හැඩතල සොයා යෑම සම්බන්ධයෙන් බූඩි තුළ ඇත්තේ නොසංසිඳෙන පිපාසයක්. එය නිම්නයක හුදෙකලාව හරහා මනාව පැහැදිළි වන බවයි චිත්‍රපටයේ විශේෂ දර්ශන නැරඹූ බොහෝ විචාරකයන්, සිනමා ලෝලීන් සහ සිනමාකරුවන් මේ වනවිටත් පවසන්නේ.

The full content of this page is available to premium users only.

හිතුවක්කාරයාගේ පුනරාගමනය෴ 0

16 May 2017Submitted by saumya

මිල්ලෙ සොයා, සිහින දේශයෙන් වැනි සුවිශේෂී සිනමා කෘතීන් සිංහල සිනමාවට දායාද කළ බූඩි කීර්තිසේනගේ නිම්නයක හුදෙකලාව (Alone in a Valley) චිත්‍රපටය මැයි මස 19 වැනි දින සිට රීගල් ඇතුළු CEL මණ්ඩලයේ සිනමාහල් 15 ක තිරගත වීමට නියමිත ව තිබෙනවා. සිංහල සිනමාව තුළ මුල්බැසගෙන පවත්නා සාම්ප්‍රදායික කතා තේමාවන්, ආකෘතීන් පසෙකලා ලෝක සිනමාව හා එක්ව, වෙනස් හැඩතල සොයා යෑම සම්බන්ධයෙන් බූඩි තුළ ඇත්තේ නොසංසිඳෙන පිපාසයක්. එය නිම්නයක හුදෙකලාව හරහා මනාව පැහැදිළි වන බවයි චිත්‍රපටයේ විශේෂ දර්ශන නැරඹූ බොහෝ විචාරකයන්, සිනමා ලෝලීන් සහ සිනමාකරුවන් මේ වනවිටත් පවසන්නේ.

සෞම්‍ය ලියනගේ, සංගීතා වීරරත්න, තිස්ස අබේසේකර, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වී ඇති නිම්නයක හුදෙකලාවේ සම තිර රචකයින් ලෙස කටයුතු කර ඇත්තේ බූඩි සහ චින්තන ධර්මදාසයි. කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය ද, සංගීතයෙන් ලක්ෂ්මන් ජෝශප් ඩි සේරම් ද සම්බන්ධ වී ඇති මෙම චිත්‍රපටය බුද්ධි කීර්තිසේනගේ නිෂ්පාදනයක්.


මේ අතර බූඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද සිහින දේශයෙන්, මාතා සහ මිල්ලෙ සොයා යන චිත්‍රපට ඇතුළත් සිනමා උළෙලක් ද මැයි මස 17 – 18 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එය පැවැත්වෙන්නේ කොළඹ 07, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී යි.

‘බූඩි කීර්තිසේනගේ සිනමාව යළි කියවීම’ ලෙසින් නම් කර ඇති එහි දර්ශන පෙළගැස්ම මෙසේයි.

මැයි 17 බදාදා
පෙ.ව 10.30- සිහින දේශයෙන් (වැඩිහිටියන්ට පමණයි)
ප.ව 2.30- මාතා
ප.ව 6.00- මිල්ලේ සොයා

මැයි 18 බ්‍රහස්පතින්දා
පෙ.ව 10.30- මාතා
ප.ව 2.30- මිල්ලේ සොයා
ප.ව 6.00- සිහින දේශයෙන් (වැඩිහිටියන්ට පමණයි)

එම සිනමා උළෙල සඳහා කිසිදු අයකිරීමක් නොමැති අතර කල්වේලා ඇතිව සිනමා ශාලාවට පැමිණීම හරහා ආසන අහිමි වීමේ අවදානම මගහැරගත හැකි බවයි සංවිධායකයන් පවසන්නේ. 


සටහන_සෞම්‍ය සඳරුවන් ලියනගේ

Click here to post comments

Or log in with...